“ජාතික ලාදුරු සමුළුව” ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ. – 06.11.2025

ලාදුරු රෝගය මෙරටින් තුරන් කර දැමීම යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, "ජාතික ලාදුරු සමුළුව" කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (06) පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර, එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක එක්වී තිබෙනවා. ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා වන මාර්ග සිතියම එළිදැක්වීම ද...