ජාත්‍යන්තර වෙළදාමේදී සිදු වෙන වැරදි සහ අක්‍රමිකතා වලක්වන්න පාඨලී චම්පිකගේ යෝජනාව. – 2024.06.17

පා.ම. පාඨලී චම්පික රණවක ජාත්‍යන්තර වෙළෙඳාමේ දී සිදුකෙරෙන වැරදි සහ අක්‍රමිකතා මගින් රටට ලැබිය යුතු රේගු ආදායම් අහිමි වීම වළක්වා, එම ආදායම් රටට යළි එකතු කිරීම සඳහා පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විවිධ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝග ලබා දී...