විශේෂ කාර්ය බලකාය වෙත පැවරී ඇති රාජකාරි ඉටු කිරීම සඳහා දැනට පවතින යතුරුපැදි 314 න් 90% ක් පමණ වසර 10 කට වඩා පැරණි වීම හේතුවෙන් නිරන්තර කාර්මික දෝෂයන්ට ලක් වේ.
එම තත්ත්වය, විශේෂ කාර්ය බලකාය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැටලීම් ක්‍රමානුකූලව හා ප්රශස්ත මට්ටමින් ඉටු කිරීමට බාධාවක් ව තිබේ.
ඒ අනුව, මත් උවදුර මැඩලීම සහ සංවිධානාත්මක පාතාල කණ්ඩායම් මර්ධනය කිරීම වැනි රාජකාරීන් කාර්යක්ෂමව සහ ඵලදායී ලෙස ඉටු කිරීමට හැකිවන පරිදි, විශේෂ කාර්ය බලකාය සඳහා එන්ජින් ධාරිතාව 125cc ප්‍රමාණයේ යතුරුපැදි 100 ක් සහ ත්‍රිරෝද රථ 50 ක් මිල දී ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.






