රස යළිත් රාජපක්ෂ වියරුවේ ගොදුරක් බවට පත්ව තිබෙන බව සමඟි ජන බලවේගයේ පා.ම පාඨලී චම්පික රණවක මහතා සදහන් කරනවා.

දිනෙන් දින අසාර්ථක වෙමින් තිබෙන ප්‍රජා පීඩක පාලනය හමුවේ ජනතාවගේ දුක රටට කියන සිරස ඇතුළු මාධ්‍ය සහ සමාජ ක්‍රියාකාරීන් රාජ්‍ය මර්ධනය හරහා නිහඬ කිරීමට පාලකයින් සූදානම් වෙමින් සිටින බවත් සිය ගජමිතුරු කල්ලිය සමඟ එක්ව සැනටයිසර් බෝතලයෙන්, ඇන්ටිජන් කට්ටලයෙන්, නිරෝධායනයෙන් ගසා කෑ මුග්ධ කල්ලියක් ඒ වංචා හෙළිදරව්වීමත් සමඟ වියරු වැටෙමින් සිටින බවත් අද ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් රැසක් අත්අඩංගුවට ගැනීම මේ වියරුවේ තවත් එක් පියවරක් බව පා.ම පාඨලී චම්පික රණවක මහතා සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් කිය සිටියි.

මේ වියරුව පරාජය කිරීම සදහා මේ රටේ යුක්තිගරුක පුරවැසියන් සියලු දෙනා දේශපාලන පක්ෂ, පාට බේදයකින් තොරව එක්වී ක්‍රියාකල යුතුව තිබේ.

එමෙන්ම ආන්ඩුව මේ ගයමින් සිටින්නේ සිය දේශපාලන ගමනේ අවසානය කරා ගමන් කරන ශෝකී හංස ගීතය වන අතර මේ මුග්ධ පාලකයින්ගේ ඒකාධිපති වියරුව අනාගතයේ දිනෙක ජනතා අධිකරණයක් හමුවේ විනිශ්චයට ලක්වන බව ආන්ඩු බලයෙන් යකා නටන සියලු දෙනා මතක තබාගත යුතු අතර අප මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල නිලධාරීන්ගෙන් සහ රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වියරුවට දායක නොවී ඊට එරෙහිව ක්‍රියාකරන ලෙස පාඨලී චම්පික මහතා එම සටහනේ වැඩිදුරටත් පවසා ඇත.