මහින්ද රාජපක්ෂ කියන්නේ දෙවිකෙනෙක් බැසිල් තමයි ඒ දෙවියෝ පස්සේ හිටියේ බවත් බැසිල් රාජපක්ෂ මම දකින්නේ යුග පුරුෂයෙක් හා යෝධයෙක් හැටියට බව උඩුවේ ධම්මාලෝක හිමි පවසනවා.

අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට එක පැත්තකින් අප්පච්චි ලෙස සළකනවා තව පැත්තකින් රජෙක් විදිහට සළකනවා එතුමා ජීවත් වන නිසා එතුමා ජීවත් නොවී නොසිටින කලකදී එතුමාව දේවත්වයෙන් සලකන බවත් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒ තත්ත්වය ලබා ගැනීමට උපකාර කරපු ශක්තිය වූ මග පෙන්නපු නායකත්වය දීපු අංක එක හදුන්වන්නේ බැසිල් රාජපක්ෂ ඇමතිතුමා බව එම වහන්සේ පවසනවා.

බැසිල් රාජපක්ෂ යුද්ධය අවසන් කර අර්ථිකය දියුණු කර සුවිශාල ඉදිකිරීම් ආදිය සිද්ධ කොට අපේ රට හිතා ගන්න බැරි තරම් දියුණු කළ බව පුජ්‍ය ධම්මා ලෝක හිමි වැඩිදුරටත් සදහන් කරනවා .