ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (08) පෙරවරුවේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම් දීමට නියමිත බව වාර්ථා වනවා.

බැසිල් රාජපක්ෂ අද දින පෙරවරුවේ මුලින්ම අරලියගහ මන්දිරයට ගොස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුණගැසී ආශීර්වාද ලබාගැනීමට නියමිතව ඇති බවයි එම පුවත්පත් වාර්තාවල දැක්වෙන්නේ.

ඉන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ජනාධිපතිවරයා ඉදිරියේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස දිවුරුම් දෙනු ඇති.

බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 9 වැනි ආසනය වෙන්කර ඇති බව වේත්‍රධාරි නරේන් ප්‍රනාන්දු සඳහන් කර ඇති අතර එම අසුන කලින් සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිට හිමිව තිබුණා.

ඉදිරිපෙළ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, සභානායකවරයා, අගමැතිවරයා හා ජනාධිපතිවරයා ළඟට ඇති ඊළඟ අසුන ඒ අනුව බැසිල් රාජපක්ෂ හිමි වනවා.