ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් වූ  බැසිල් රාජපක්ෂ  අද (08) පෙරවරුවේ මුදල් අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේය. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආර්ථීක ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ දිවුරුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.