කොරෝනා වසංගත සමයේදී හිමිනමක් සහ සහයට තරුණයින් දෙදෙනෙකු සම්මාදමේ යෙදෙමින් ගෙයින් ගෙට යාම සම්බන්ධයෙන් ඊට විරෝධය පෑ කුලියාපිටිය ගම්මුන් පිරිසක් ඒ සම්බන්ධයෙන් පෝලිසියද දැනුවත් කර තිබෙනවා.

ඉන්පසුව ඔවුන්ව පොලිසිය වෙත රැගෙන යාමෙන් අනතුරුව හිමිනමට සුදුසු ආසනයක් පනවා එසේ සම්මාදමේ යෙදීමට හේතු විමසීමේදී එම හිමිනම මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක‍ෂක වරයා අසල දණින් වැටී හැඬීමට පටන් ගෙන තිබෙනවා.

මෙහිදී අපහසුතාවයට පත් පොලිස් නිලධාරියා එසේ නොකරන්නැයි පවසා වැඩිදුරටත් කරුණු විමසීමේදී හෙළිව ඇත්තේ ඔහු ස්වාමීන්වහන්සේ නමක් නොව චීවරයක් මිලදීගෙන හැඳ පොරවා දුර බැහැර ගම්මාන වෙත ගොස් සම්මාදමේ යෙදෙන අයෙකු බවයි.

ඉන් අනතුරුව අදාළ චීවරය ඉවත්කර ගිහි ඇඳුමින් සැකකරු සරසවා අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු කිරීමට කුලියාපිටිය පොලිසිය කටයුතු කළ බවයි වාර්තා වන්නේ.