දිවයින පුරා අලුතින් සහල් මොල් ලියාපදිංචිය නවතා දමා තිබේ .

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ, අතරමැදියන් ව්‍යාජ සහල් මෝල් හිමියන් ලෙස පෙනී සිටිමින් සහල් මොල් අලුතින් ලියාපදිංචි කරන බවට ලද තොරතුරක් අනුව ඊයේ දිනයේ සිට ඒවා ලියාපදිංචිය තහනම් කළ බවය.

අලුතින් සහල් මෝල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි කළ යුතු ය.

ඒ සම්බන්ධයෙන් පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛනයක් නිකුත් කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ, අතරමැදියන් සහල් තොග රැස්කර ඇද්දැයි සොයා බැලීම සඳහා දිවයින පුරා වැටලීම් සිදුකරන බවය.