හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට මාදිවෙල මන්ත්‍රී නිවසින් සිය භාණ්ඩ ඉවත් කරගැනීමට සිදුව ඇති බව වාර්තා වනවා.

දැනට සිර දඬුවම් විඳින ඒ මහතාගේ නීතීඥයන් භාණ්ඩ ඉවත් කර ගැනීම සඳහා මාස තුනක සහන කාලයක් ඉල්ලා ඇති අතර එම කාලය ලබන 20 වන දා අවසන් වීමට නියමිත බවයි අද (14) පුවත්පත් වර්තාවක සඳහන් වුණේ.

මේවනවිට නවක මන්ත්‍රීවරු සඳහා ලබා දීමට නිවාස නොමැති නිසා ගැටළුවක් ඇතිව තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයේ නිලධාරියෙක් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් විමසීමකදී හෙළි වූයේ රන්ජන් රාමනායකගේ පාර්ශ්වයේ කිසිවෙකුට හෝ මේ පිළිබඳව දැනුම් දීමක් කර නොමැති බවයි.