කොතලාවල අධ්‍යාපන පනතට විරෝධය පළ කරමින් ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමට ගුරුවරුන් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මේ වන විට විවිධ අදහස් පළ වෙමින් පවතී.

ගුරුවරුන් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජනප්‍රිය නළුවෙකු මෙන් ම ප්‍රසාංගික කලා ගුරුවරයෙකු  ලෙස ද සේවය කරන ධර්මප්‍රිය ඩයස් මහතා සංවේදී සටහනක් තබා තිබේ.

ඔහුගේ ෆේස්බුක් පිටුවෙහි පළ කර තිබූ සටහන මෙසේය.

“මදක් නතරව කියවන්න… හුවමාරු කරන්න

ගුරුවරුන්…… 

ලියන්න පොත් ටික

කන්න කෑම ටික.

Data card එක..දරුවන් ට දුන්නට බිල් දැම්මේ නෑ..

දරුවො අසනීප උනාම..තමන්ගේ වාහනවලින් රෝහල් ගානෙ ගිහින් ගමන් වියදම් බිල් දැම්මෙ නෑ..

ඉස්කෝලෙ නාවම ගෙවල් වලට ගිහිල්ලා..

දවස් ගණන් කෝල් කරලා.

බිල් දැම්මේ නෑ….

(කුඩේටත් බිල් දාපු සමාජ සේවකයන් ඉන්න රටක) 

දිවා රෑ නොබලා අමතර පංති කරලා විභාග ගොඩ දැම්මට… OT ඉල්ලුවෙ නෑ..

Km ගනන් බස් වලින්.. යතුරු පැදියෙන්..

වාහනවලින්.. ගිහිල්ල

ගමන් වියදම් ඉල්ලුවෙ නෑ….

අදින්න

නිල ඇඳුම් දීමනා ඉල්ලුවෙ නෑ…

අපි…. හැමදාම… ඉල්ලුවා.. සටන් කරා..

අපේ.. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්…

නිදහස් අධ්‍යාපනයෙන් ගිය

සමහර මහත්තුරු නෝනලා ට

ඒක වැඩක් නැති උනාට…

Signal නැතිව ගස් නගින රටක..

කඳු මුදුන් වල කූඩාරම් ගහගෙන

Online class කරන දරුවො ඉන්න රටක..

හැමදෙයින්ම තැලෙන පොඩිවෙන

දුප්පත් දරුවන් ට….

කන්නන්ගර ශ්‍රීමතානන්

බොහොම අමාරුවෙන් දිනා දුන්න..

නිදහස් අධ්‍යාපනය විශ්වයක් තරම්….

අපි දරුවන්ට ආදරෙයි…

අපේ අරගලය ඒ ආදරය වෙනුවෙන්..

මේ තීරනාත්මක මොහොතේ online class

වර්ජනය කරන්නේ…

උපන් නූපන් හැම දරුවෙකුගේ ම

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්…

පාලකයන් සුරංගනා කතා කියාවි..

පාලකයන් ගේ හිතවත් ගුරුවරුන් නිලධාරීන් ලමුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම ගැන

කඳුළු සලාවි…

රැවටෙන්න එපා…

ආදරණීය ගුරුවරුනි.. නිලධාරීනි …

දෙමාපියනි….. මිතුරනි….

එක්වන්න… අපි අභියෝගයට එකාවන්ව

මුහුණ දෙමු….

දේශපාලනය පසුව කරමු….

ආදරණීය මිනිසුන් ලෙස…. උපනූපන් 

අපේම පරපුරට යුතුකම ඉටු කරමු..

‘නිදහස් අධ්‍යාපනය දිනවීම වූ කලී ඉතාමත් අපහසු සටනක් වූයෙන් එය රැක ගැනීම ඔබලාට භාරය.’ – C. W. W. කන්නන්ගර”