රන්ජන් රාමනායක මහතාට පාර්ලිමේන්තුව විසින් වෙන් කරන ලද නිල නිවස නැවතත් රජය විසින් ආපසු ලබාගෙන තිබෙන බව වාර්තා වනවා.

රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු ආසනය අහෝසි කරන ලද අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ඔහු සිරගත කිරීමෙන් පසු නිල නිවසින් ඉවත් වන ලෙස ඔහුට දන්වනු ලැබුවා.

කෙසේ වෙතත්, මනුෂ නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම නිවස ලබාගෙන ඇති අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනායකගේ කාර්ය මණ්ඩලයට පදිංචිය පවත්වාගෙන යාමට ඉඩ දෙන බව හෙළිකර තිබෙනවා.

තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස රැඳී සිටිනතුරු රන්ජන් රාමනායක මහතාට තම ආගන්තුකයා ලෙස නිවසේ නැවතී සිටීමට අවසර දෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.