රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය විසින්  අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සහ රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලි පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබේ .

පොලිස් ප්‍රකාශකයකු පවසා සිටියේ උපේක්ෂා ස්වර්ණමාලි  ඇප මත මුදා හැරියත් ඇය පැදවූ මෝටර් රථය අත් අඩංගුවේ පසුවෙන බවත් මෝටර් රථ පරීක්ෂක වරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය මුදා හැරීමට පියවර ගන්නා බවත් ය .

කටුගස්තොට පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී සේනාරත්න මහතා සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .