ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (26) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා.

ජනාධිපතිවරයා මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ සහ මල්වතු පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැ දුටුවා.

මෙහිදී අනු නායක හිමියන් වෙනුවෙන් ශ්‍රී නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකෙරෙන සංඝවාසය ජනාධිපතිතුමා‌ගේ නිරීක්ෂණයට ලක්වුණා.