හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවක් යළි විභාගය සඳහා මේ මස 20 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දින නියමකර තිබේ.

2016 වසරේ මාර්තු මස සිදුවූ බැදුම්කර වෙන්දේසියක දී රජයේ රුපියල් බිලියන 15ක මුදලක් සාවද්‍ය පරිහරණය සිදු කළේ යැයි චෝදනා කරමින් එම නඩුව ගොනුකර ඇත.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය ප්‍රකාරව මෙම නඩු විභාගය කල්දමා තිබුණි.