අද පැවති මාධ්‍ය හමුවකදී චම්පික රණවක මහතා කිය සිටියේ බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍ර⁣භේදය පැතිරීමට පෙර ආණ්ඩුව නිසි වෙලාවට තීරණ නොගත් බවත් අද හමු වී ඇති ඉන්දියානු ප්‍රභේදයට නිසි බුද්ධිමත් තීරණ නොගත්තොත් එයින් ඇතිවන ප්‍රතිපල ඉතා භයානක බවය.

වැඩිදුරටත් අදහස් දැක් වූ පාඨලී චම්පික මහතා කියා සිටියේ මේ ඇති වෙලා තිබෙන තත්ත්වයට රජය වගකිය යුතු අතර රජය උදයංග වීරතුංගටත් සංචාර ප්‍රවර්ධන අධිකාරියේ කිමාලි ප්‍රනාන්දුටත් හිතවත් පිරිස් මෙරටට ගෙන්වගෙන ආදායම් උපයන්න දුන්න අදූර්වදර්ශී ක්‍රියාවලිය නිසා අද ජනතාව දුක් විදින බවය.

සමගි ජන බලවේගයේ පා.ම පාඨලී චම්පික,

” ෆේස් මාස්ක් එක ⁣දැම්මේ නැහැ කියලා අත්අඩංගුවට ගන්න,දැන් සැපද කියලා කෝල් එකක් දැම්මාම අත්අඩංගුවට ගන්න,බර කරත්තෙන් ගියාම අත්අඩංගුවට ගන්න නෙවෙයි තියෙන්නේ ,මෙන්න මේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය මෙරටට ගෙන්න මුල් වෙච්ච අය ඉන්දියානු ප්‍රභේදය මෙරටට ගෙන්වීමට මුල් වෙච්ච අය සම්බන්ධයෙන් දැඩිව සෘජුව නීතිය ක්‍රියාත්මක වීමයි අපි බලාපොරොත්තු වෙන්නේ.හැබැයි මේ අනුකම්පාවක් නැති සහනුකම්පිත නැති මේ දේශපාලනය පන්තියෙන් අපිට ඒවා බලාපොරොත්තු වෙන්න බැහැ.”