විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුමද කොළඹ සිය නිවෙසේ ස්වයං නිරෝධායනයට යොමුවී සිටී.

ඇමැතිවරයා මෙසේ ස්වයං නිරෝධායනයට යොමු වී සිටින්නේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරු වීම නිසාය.

ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව අමාත්‍යාංශය පසුගිය සදුදා සිට වසා දමනු ලැබ ඇත .

මේ සම්බන්ධයෙන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේ තමා සුවයෙන් පසුවන බවයි.

තමාගේ නිරෝධායන කාලය ලබන බදාදා වනවිට අවසන් වන බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර තම කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශද සිය නිවෙසේ ස්වයං නිරෝධායනයට පසුගියදා යොමු වූයේය .