ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඊයේ (10) රාගම ශික්ෂණ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරතව තිබෙනවා.

එහිදී මෙතෙක් කලක් ඇඳක් හෝ නොමැතිව රෝහල් වාට්ටුවල කොරිඩෝවල පවා සිටි කිසිදු රෝගියෙක් දක්නට ලැබී නැහැ.

නිරීක්ෂණ චාරිකාවෙන් පසුව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම COVID 19 රෝගී ප්‍රතිකාර ඒකකය පිහිටා ඇති රාගම රෝහලේ මීට දින කිහිපයකට පෙර ඇති වූ තදබදය වලක්වා සියලු රෝගීන්ට ඇදන් ලබා දී තත්වයට සාර්ථකව මුහුණ දීමට රෝහල් කාර්ය මණ්ඩලය සමත්ව ඇති බවයි.

එමෙන්ම රාගම – බටුවත්ත අදාහනාගාරය ක්‍රියා විරහිතවීම නිසා එකතු වූ මෘතශරීර අවට වෙනත් ආදාහනාගාර වෙත කඩිනමින් රැගෙන ගොස් ආදාහනය කිරීමට ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, රෝහල් කාර්යමණ්ඩලය සමග එක්ව කටයුතු කර තිබෙන බවත් ඔහු සදහන් කළා.

මීට දින කිහිපයකට පෙර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන කළුබෝවිල ශික්ෂණ රෝහලේද නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අතර එහිදී ඒ වන තෙක් රෝහල් පරිශ්‍රය පුරා දක්නට ලැබුණු එකදු කොවිඩ් රෝගියෙකු හෝ දක්නට ලැබී නැහැ.