කොවිඩ් ආරක්ෂක බුබුල උල්ලංඝනය කිරීමේ සිද්ධියට අදාලව නිරෝෂන් දික්වැල්ල ,කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක නිරෝධායනයට යොමු කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු පවසනවා

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන මොවුන් පිළිබඳව සමාජ මාධ්‍ය වල සැරිසරන වීඩියෝව සම්බන්ධයෙන් වහාම පරික්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙසද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කණ්ඩායම් කළමනාකරුට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ඩර්හැම් වෙත ගොස් සිටිනවා.ඒ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වීම සඳහායි.

එමෙන්ම දනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් හට බ්‍රිතාන්‍ය රජය විසින් දඩ මුදලක් නියම කරනු ඇති බව ක්‍රිකට් විචරයකයෙකු වන රෙක්ස් ක්ලෙමන්ට් තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

ඩර්හැම් නුවර ආරංචි මාර්ග උපුටා දක්වමින් ඔහු එම ට්විටර් පණිවුඩය තබා තිබෙනවා.