සියලුම විදේශ මුදල් තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම පොළිය 5% ක් දක්වා සීමා කර තිබෙනවා. මහ බැංකු වාණිජ්‍ය බැංකු වෙත ඊට අදාල නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම පොළී අනුපාත සීමා කිරීම අගෝස්තු 24 වැනිදා සිට බලපැවැත්වේ.

ඒ අනුව මෙරට සියලු වාණිජ්‍ය බැංකුවල සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාත්මක සියලුම නව විදේශ මුදල් තැන්පතු, දැනට පවතින විදේශ මුදල් ඉතුරුම් තැන්පතු, විදේශ මුදල් කාලීන තැන්පතු අලුත් කිරීමේදී මෙම නව නීතිය අදාල වන බවයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.