ශ්‍රී ලංකා මහ බැංකුව අද වන විට රු. ට්‍රිලියනයක (රු. බිලියන 1,135.5)  මුදලක් ණය වී ඇතැයි හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. එසේම  මහ බැංකුවේ ණය (භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර) වල මුහුණත අගය රු. ට්‍රිලියනය ඉක්මවා ඇති බවත්  එසේ වූයෙ ඉතිහාසයේ පළමු වතාවට බවත් හිටපු ආණ්ඩුකාරවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

“භාණ්ඩාගාර බිල්පත්වලට අමතරව මහ බැංකුව රු. බිලියන 198.2 ක ‘provisional advances’ ලබා දී ඇත. සරළව පවසන්නේ නම් බිලියන 198.2 ක ‘මුදල් අච්චු ගසා‘ ඇත.

ශ්‍රී ලංකාව සෙමින් නමුත් ස්තීරවම දැවැන්ත මුල්‍ය අර්බුදයක් ගරා ගමන් කරමින් සිටින නමුත් රජය මෙන්ම විපක්ෂය ද ‘රටේ මුල්‍ය අර්බුදය ගැන අවධානය යොමු කර නෑ” යැයි ඔහු වැඩිදුරටත් සිය නිවේදනයේන් සඳහන් කරයි.