කෝට්ටේ නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල්ට ඊයේ (04) පිටකෝට්ටේ ප්‍රදේශයේ දී පහරදීමක් සිදුව තිබෙනවා.

වාහන තදබදයක් හේතුවෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් පුද්ගලයන් දෙදෙනෙක් එක්ව පහර දීම සිදු කර ඇති අතර තුවාල ලැබූ නගරාධිපතිවරයා රෝහල් ගත කර මැහුම් 13ක් දමා ඇති බව මිරිහාන පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.