‘කාළකණ්ණින්’ පිරිසක් ගුරුවරුන්ව උද්ගෝෂණය කිරීම සඳහා පොළඹවන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ගේ මුහුණ ‘කුණු වුණු තක්කාලි ගෙඩියක්’ වැනි බවත් මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ පවසනවා.

ඒ, ඊයේ (05) දින පාර්ලිමේන්තුව අමතමින්.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස වෛරී සහගතව දේශපාලනය කරන බව පවසන මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ විරෝධතාවයේ යෙදෙන බහුතරය සැබෑ ගුරුවරුන් නොවන බවයි.

ඔවුන් සෙනඟ රැස්කර මිණීකඳු මතින් බලයට පැමිණීමට තැත් කරන බවත් ජනාධිපතිවරයා නිදිවර්ජිතව එන්නත්කරණය කොට ලෝකයේ අංක එකට ශ්‍රීලංකාව රැගෙනවිත් තිබියදී එය කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන බවත් ඔහු අවධාරණය කර සිටිනවා.