කොවිඩ් වසංගතය නිසා රටේ ආර්ථික සම්පුර්ණයෙන්ම දුර්වල වී තිබෙන බව කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන පවසනවා.

එමෙන්ම රටේ තිබෙන සංචාරක හොටෙල් සියල්ලම පාඩු වී ඇති බවත් සත බාගයකවත් ආදායමක් ඔවුන්ට නැති බවත් කිසිම සංචාරකයෙක් දකින්න නොලැබෙන නිසා රටට තිබු දැවැන්ත අදායමක් අහිමි වී ඇති බව කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන සදහන් කරනවා.

කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන,

“මෙච්චර කාලයක් අපහාසයට උපහාසයට ලක් වෙලා තිබුණා මේ රෝගය වෙනුවෙන් කරන එන්නත්කරණය දැන් අලුත්ම සංඛ්‍යාලේඛන අනුව ඊයේ වෙනකොට මුළු රටේ ජනගහනයෙන් 35%කට දීලා ඉවරයි.මේක කවුරුවත් අගය කරන්නේ නැහැ.

මේ දැවැන්ත වියදමක් රජය දරන්නේ ජනතාව ජීවත් කරවීම සදහා.”