ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය, දෙදින නිල සංචාරයකට එක්වීම සඳහා අද (15) ශ්‍රී ලංකාවට පැමිණෙන්නට නියමිතය.
ඒ අනුව, ඇය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සිදුකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේය.
සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධානය කරන “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ ණය සහ පාලනය” යන මාතෘකාව යටතේ 2025 ජූනි 16 වන දා පැවැත්වෙන සමුළුව සඳහා විශේෂ ආරාධිතයා ලෙස ආචාර්ය ගෝපිනාත් සහභාගී වීමට නියමිතය.
මෙම සංචාරය අතරතුර, ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පවතින සබඳතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාද පැවැත්වීමට නියමිතය.