ඉන්ධන මිල වැඩි කිරීම අත්‍යවශ්‍යනම් එය කල යුතුව තිබුනේ ජනතාව මෙවැනි විනාශයකට ඇඳවැටී සිටින අවස්ථාවක නොවන බව කොළඹ පදවියේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කරනු ලබයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක ජනතාවට කිසිඳු අදායම් මාර්ගයක් නොමැතිව සිටින විටකදී සහ X-Press Pearl නෞකාවෙන් සිදු වූ විනාශය හේතුවෙන් ධීවරයින්ට තම රැකියාව කරගත නොහැකිව සිටින විට ඉන්ධන මිලත් ඉහළ දැමීම හේතුවෙන් ජනතාව දැඩි අසීරුතාවකට පත්වන බව උන්වහන්සේ සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.

එම නිවේදනය පහතින්