එංගලන්ත සංචාරයට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් දණහිසේ ආබාධයකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් අද පැවැත්වෙන පුහුණු තරගයට සහ ලබන 18 වනදා පැවැත්වෙන පුහුණු තරගයට ඔහු සහභාගී නොවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

කුසල් ජනිත් පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සහ කුසල් මෙන්ඩිස් නායකත්වය දරණ කණ්ඩායම අතර පළමු පුහුණු තරගය මේ වන විට පැවැත්වෙන්නේ ඕල්ඩ්ට්‍රෆඩ්හිදීයී.