ආණ්ඩුව දැන් හැසිරෙන ආකාරය අගය කරන්නේ නැති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසති.

ඒ අනුව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පෙන්වා දෙන්නේ ආණ්ඩුව දැන් කටයුතු කරන ආකාරය තමන් අගය නොකරන බවය.

“ජාති වශයෙන් අපි බෙදිලා ඉන්නකම් අපිට නිදහසක් නෑ. අපි බෙදිලා ඉන්න තරමට ජාත්‍යන්තර බලවේග අපේ රට ඇතුළට ඇවිල්ලා අපේ රටේ සම්පත් මංකොල්ලයක නිරත වෙනවා. බටහිර අධිරාජ්‍යවාදීන් මේ වෙනකොට අපේ රටේ ඛණිජ සම්පත් මංකොල්ලයක නිරතවෙමින් සිටිනවා.මට කනගාටු පොස්පේට් නිධිය තියාගෙන පොහොර නෑ කියලා කෑගහන එක. අපි මේ රට අතට ගන්න ඕනේ දැන්. දේශපාලකයින්ට රට භාරදීලා විනාශ වුණා ඇති දැන්. ආයතන 20ක් විතර විකුණන්න යනවා. දෙමළ ජනතාවටත් මම එකතු වෙන්න කියන්නේ, කන්කසන්තුරේ ඉඩම් ටික අලෙවි කිරීම සඳහා යෝජනාවලියකට ඇතුල් කරලා තියෙනවා. දේශපාලනයෙන් සහ ජාතිවාදයෙන් තොර දෙවෙනි නිදහස් සටන ආරම්භ කිරීම සඳහා අපි අත්වැල් බැඳගත යුතුයි. ආණ්ඩුව දැන් හැසිරෙන ආකාරය මං අගය කරන්නේ නෑ”