පොහොර හිඟයක් ඇති බව මවාපාමින් ගොවියෙකු මරා ඔහුගේ ජීවිතය උඩින් බලයට පැමිණීමට සමහරු උත්සාහ ගනිමින් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඒ බව පැවසීය.

රට තුළ කිසිදු පොහොර හිඟයක් නොමැති බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය. 

“සමාගම් සතුව පොහොර මෙට්‍රික්ටොන් 102,000ක් තියෙනවා කියලා අපිට තොරතුරු ලැබුණා. මේ සමාගම් ගෙන්වලා පැය 5ක් උපදෙස් දුන්නා සතියක් ඇතුළත ගොවියන්ට අවශ්‍ය පොහොර ටික වහාම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට ලබාදෙන්න ඕනේ කියලා. පොහොර හිඟයක් නෑ. මේ සියලු සමාගම් දන්නවා ඊළඟ මහ කන්නයේ කාබනික කෘෂිකර්මාන්තය සාර්ථක වෙච්චගමන් රසායනික ව්‍යාපාරයට වෙන දේ.”