ජයන්ත කැටගොඩ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂව නම් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මැතිවරණ කොමිසමට අද දැනුම් දී තිබෙනවා.

ඒ අනුව 8 වනදා බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසනවා