බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඔපෙක් රටවල්වලින් ⁣ඉන්ධන මිළට නොගෙන, විශාල කොමිස් මුදලක් ලැබෙන සිංගප්පූරු තැරැව්කරුවන්ගෙන් ම දිගින් දිගටම ඉන්ධන මිළට ගැනීමට ක්‍රියාකොට ඇතැයි පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා චෝදනා කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තෙල් මිල ඉහළදැමීම සම්බන්ධයෙන් නිකුත් කල මාධ්‍ය නිවේදනය පිළිබඳව පැහැදිලි කරමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කර ඇත.

“ඔපෙක් රටක් සමග ගිවිසුම් ගත වී ඉන්ධන ලබා ගන්නා විට කොමිස් මුදල් නොලැබෙන අතර එය රජයන් දෙක අතර ගිවිසුමට අනුව සිදුවේ. එවිට විශාල ලෙස අඩු මිළකට ඉන්ධන ලබාගත හැකිය.” යනුවෙන් එහි සදහන් කර ඇත.

එම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.