මෙරටින් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,354 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 561 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

එහිදී නිට්ටඹුවෙන් ආසාදිතයින් 87 දෙනෙකු වාර්තා වී තිබූ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 528 ක් වාර්තා වුණා. ඉන් 90 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ මහ නගර සභා සීමාවෙන්. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 313 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.