සෞඛ්‍ය බලධාරීන්ගෙන් ලැබෙන නිර්දේශය අනුව ඇස්ට්‍රසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් පිරිසට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

ඒ අනුව මේ වන විටත් නිර්දේශ ලබා ගැනීම සඳහා අදාළ ඉල්ලීම ලිඛිතව අදාළ අංශ වෙත යොමු කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ජර්මනියේ සිදුකළ පරීක්ෂණයකට අනුව ඇස්ට්‍රසෙනෙකා එන්නතේ මාත්‍රා දෙකම ලබාගැනීමෙන් ලැබෙන ඵලදායීතාවට වඩා ඉහළ ඵලදායීතාවක් මෙමගින් ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පෙන්වා දෙනවා.