රුපියල් බිලියන 800ක මුදලක් මේ වනවිට මුද්‍රණය කොට ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පිළිගෙන ඇත.

පසුගිය දිනෙක ඩේලිමිරර් පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඒ මහතා සදහන් කොට ඇත්තේ මේ හේතුවෙන් යම් යම් අනිටු ප්‍රතිවිපාක රටේ ආර්ථිකයට අත්විය හැකි බවකි.

කෙසේවෙතත් එම තත්ත්වය කළමනාකරණය කරගැනීමේ හැකියාව ආණ්ඩුවට ඇති බවද අමාත්‍යවරයා පැවසීය.