ගුරුවරුන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා මේ අවස්ථාවේ හැකියාවක් නොමැති බව අමාත්‍ය ගාමිණි ලොකුගේ පවසයි.

ඔහු පැවසුවේ ඒ සඳහා මේ අවස්ථාවේ රටේ මූල්‍ය ශක්තියක් නොමැති බවය.

ඔහු මේ බව පැවසුවේ අද (02) දින අමාත්‍ය මණ්ඩල හමුව නිම විමෙන් අනතුරුවයි.

ප්‍රශ්නය – අධ්‍යාපන ප්‍රශ්නය විසඳුවාද ?

ඇමති ලොකුගේ – අධ්‍යාපන ප්‍රශ්නය අපේ ප්‍රශ්නයක් නෙමේ. ඒක පහුගිය ආණ්ඩු කාලයේ තිබුණ ප්‍රශ්නයක්. අපෙන් ඉල්ලනවා. මේ වෙලාවේ අපි ගාව සල්ලි දෙන්න නෑ. ඒ නිසා අපි දැන්ම කටයුතු කරන්නේ නෑ. අයවැය ලේඛනයෙන් තමයි අපි ඒ ගැන කල්පනා කරන්නේ.

ප්‍රශ්නය – කැබිනට් මණ්ඩලයට යොජනා වුණාද ඒ ගැන?

ඇමති ලොකුගේ – ඔව්. 

ප්‍රශ්නය – යෝජනාවෙන් මොකක්ද වුණේ?

ඇමති ලොකුගේ – යෝජනාවෙන් වුණේ පහුගිය ආණ්ඩු කාලයේ ඉඳන් ආපු ප්‍රශ්නයක් මේක. අද අපිට මෙ රටේ තියන කොවිඩ් තත්ත්වයත් එක්ක ඒක ගෙවන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා ඒගොල්ලන්ට අපි කියනවා අනාගතේ අපි ගෙවනවා ඒක.

ප්‍රශ්නය – දිගින් දිගටම ගුරුවරු වර්ජනය කරයි නේ එතකොට?

ඇමති ලොකුගේ – කරුණූ අවබෝධ කරලා දෙන්න ඕනේ ඒගොල්ලන්ට. 

ප්‍රශ්නය – මේ සම්බන්ධයෙන් කමිටු පත්කරා. කිසි දෙයක් වෙලා නැනේ?

ඇමති ලොකුගේ- අපි සාකච්ඡා කරලා රටේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක පුළුවන් ඒවානේ අපි කරන්නේ.

ප්‍රශ්නය- ජනාධිපතිතුමා මේක ප්‍රතික්ෂේප කරාද ?

ඇමති ලොකුගේ – ජනාධිපතිතුමා ප්‍රතික්ෂේප කළේ නෑ. නමුත් කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරලා රටේ තියෙන ආර්ථික තත්ත්වය අනුව මේ වගේ විශාල මුදලක් ගෙවන්න බෑ. බිලියන 56ක් ඕනේ ඒ කියන ඉල්ලීම දෙන්න නම්. බිලියන 56ක් වැයකරන්න පුළුවන් කමක් නෑ මේ වෙලාවේ. රටේ ඊට වඩා බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. මුළු ලෝකෙම කොවිඩ් නිසා ආර්ථිකය බරපතළ  තත්ත්වයකට මුහුණ දිලා තියෙන්නේ. කොවිඩ් නිසා ගුරුවරු අවුරුද්දක් විතර ගෙදර හිටියා අපි පඩි අඩු කළේ නෑනේ. හැම එකම ගෙව්වා. අනාගතෙත් ගෙවනවා. මේ වෙලාවේ දෙන්න විදියක් නෑ. ඒක ඉතින් ඉස්සරාහට බලන්න ඕනේ අයවැය ලේඛනය එනකොට අර්ථික තත්ත්වය හොඳ වුණොත් ඒ ගැන කල්පනා කරලා බලන්න.

ප්‍රශ්නය- වර්ජන ක්‍රියාමාර්ගය දිගටම යනවනේ ?

ඇමති ලොකුගේ- එගොල්ලන් වර්ජනය කරන එක අපිට ඒපා කියන්න බෑනේ. ඒක නිදහසක්නේ ඒ ගොල්ලන්ගේ. කරපුවාවේ.