රජය පොන්නි සම්බා කිලෝ ලක්ෂයක් ආනයනය කිරීම සදහා තීරණය කර තිබේ. ඒ සඳහා අවසරපතමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා යොමුකල කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් අනුමතකර තිබේ.

ඒ සදහා කැමැත්තක් දක්වන පාර්ශවයන්ට මේ මස 30 වනදාට පෙර වෙළඳ අමාත්‍යංශය වෙත අයැදුම්පත් යොමුකල යුතුය.

රසායනික පොහොර ආනයනය නතර කිරීම සඳහා රජය විසින් ගනු ලැබූ තීරණය නිසා මෙම කන්නයේ වී අස්වැන්න සැලකිය යුතු ලෙස අඩු විය හැකි බව කෘෂි විශේෂඥයින්ගේ මතය වී තිබේ. එවන් වාතාවරණයක් යටතේ සහල් මිල ඉහළ යාමේ අවධානමක් පවතින අතර ඊට පිළියමක් වශයෙන් මෙම පොන්නි සම්බා සහල් ආනයනයට රජය තීන්දුවක් ගෙන ඇත.

දිවයින පුරා ගොවි ජනතාව පොහොර හිඟය නිසා මේ වනවිට දැඩි ලෙස පීඩාවට පත්ව සිටියි.