සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිගු නිෂ්පාදකයින්, ආනයනය කරන්නන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන් සහ තොග වෙළදුන් වෙත පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, සිය තොග පිළිබද ලේඛණ දින 7 ක් තුළ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත දැනුම් දිය යුතු බවට සඳහන් කරමින්.

කූඨ වෙළදුන්ගේ අක්‍රමිකතා වැළැක්වීම සදහා මෙම පියවර ගත් බවයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.