සිරස රූපවාහිනී නාලිකාව මර්දනය නොකරන බවට ආණ්ඩුව ප්‍රකාශයක් කළ යුතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවැසීය.

මෙහිදී බන්දුල ගුණවර්ධන ප්‍රකාශයක් කළ අවස්ථාවේදී එයට පිළිතුරු දෙමින් ඔහු කියන දේවල් ගෙදර බිරිඳවත් ගණන් නොගන්නා බව අනුර කුමාර දිසානායක පැවැසීය.

අනුර කුමාර දිසානායක

“බන්දුල කියන දේ ගෙදර නෝනවත් ගණන් ගන්නේ නෑ දැන්. ඔයා මොනවද නොකිව්වේ. මේ බන්දුල ගුණවර්ධන අපිට කියපුවා. 2500න් කන්න පුළුවන් කිව්වා.1000 සහන මල්ලක් දෙනවා කිව්වා. සීනි 85ට දෙනවා කිව්වා. පොල් 80ට දෙනවා කිව්වා. හාල් 95ට දෙනවා කිව්වා. අනේ බන්දුල නොදුටු මොක්පුර. වාඩිවෙන්න.”