පාර්ලිමේන්තු මන්ත්‍රී S.M මරික්කාර් විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවුණා.

එහිදී අදහස් දැක්වූ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී S.M මරික්කාර් ,

”රිෂාඩ් බදුර්දීන් සමගි ජන බලවේගයේ මන්ත්‍රී වරයෙක් නෙමෙයි එයා ඇවිල්ලා ලංකා මක්කල් කොන්ග්‍රස් පක්ෂයේ නායකයා සමගි ජන බලවේගයත් සමග ජන්දෙට ඉදිරිපත් උනා.අලුතින් හදන සන්ධානයේ බදුර්දීන්ගේ පක්ෂය හෝ සාමජිකයන් අරගෙන නෑ.හේතුව මැතිවරණ වෙලාවේ සමගිජන බල වේගයත් එක්ක තරග කරලා ආව මන්ත්‍රීවරුන් ආණ්ඩුවත් එක්ක බුදිය ගන්නවා.මේ ආණ්ඩුවට 3න් දෙකක බලය ලබා දුන්නේ මේ ගොල්ලෝ .ඒ නිසා බදුර්දීන් අපේ කදවුරේ පුද්ගලයෙක් නෙමෙයි.අපිට සැකයක් තියනවා බදුර්දීන්ගේ කණ්ඩායම ඉන්නේ ආණ්ඩුවත් එක්ක කියලා.”

”සමගි ජන බල වේගය ළමා අපචාර වලට විරුද්ධයි අපි ඉන්නේ ආණ්ඩුවේ නෙමේ විපක්ෂයේ ඒ නිසා මාධ්‍ය සංදර්ශනයක් නොකර බදුර්දීන් හෝ වෙන කෙනෙක් හරි කමක් නෑ විදිමත් පරීක්ෂණයක් පවත්වන්න කියල ආණ්ඩුවට යෝජනා කරනවා. ”