සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ඔහු මේ වන විට සිය නිවසේ නිරෝධායනයට ලක්කර ප්‍රතිකාර ලබනවා.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම මේ වන විටත් ලබාගෙන තිබෙනවා.

පළමු මාත්‍රාව ලෙස ඇස්ට‍්‍රසෙනිකා එන්නතත්, දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නතත් ඔහු ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.