ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරන්න බැරි වුවත් තමා ඇත්ත ඇති සැටියෙන් කතා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ පවසා තිබෙනවා

වැඩිදුරටත් අදහස් දක්වමින් “ගුරුවරුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට මේක අවස්ථාවක් නෙමෙයි. රට නහයටම ගිලී තියෙන අවස්ථාවක ඉල්ලීම් දිනා ගැනීම මම නම් අනුමත කරන්නේ නැහැ.


මේ ඒකට අවස්ථාව නෙමෙයි. ගුරුවරුන්ටත් ප්‍රශ්න ඇති. නමුත් මේ අවස්ථාවේදී වැටුප් වැඩියෙන් ඉල්ලීම සාධාරණ නැහැ. මේ අවස්ථාව මග හැරුණට පස්සේ ගුරුවරුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනට මමත් එනවා. අනිවාර්යෙන්ම මමත් ගුරුවරුන් සමග එකට සිට ගන්නවා.යනුවෙන් ඇය පවසනවා

එමෙන්ම පොහොර ප්‍රශ්නයේදී මට ආණ්ඩුව විවේචනය කරන්න බැහැ.එහෙම කළොත් ආණ්ඩුවේ මැති ඇමතිවරු කියාවී මම ආණ්ඩුවේ ඉදගෙන ආණ්ඩුව විවේචනය කරා කියලා.

ඒ නිසා ආණ්ඩුව පැත්තට කතා කළොත් ගොවියන් මාත් එක්ක තරහ වේවි. ගොවියන්ගේ පැත්ත අරගෙන කතා කළොත් ජනාධිපතිතුමා ඇතුලු රජයේ මැති ඇමැතිවරුන් කියාවි තව කොහේද මෙයාට ඇමතිකම් දුන්නා නම් කියලා.


අනේ ඒ නිසා මම දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා මට නිදහසේ කතා කරන්න ඉඩ ලබා දෙන්න කියලා. යැයි ගීතා කුමාරසිංහ සඳහන් කර තිබෙනවා