චීනයේ පැවැත්වෙන ආසියා–පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුව ආශ්‍රිතව ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර සාකච්ඡාවක් ඇතිවීමට ඉඩ අඩු බව දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය පවසයි. APEC ආර්ථික නායක සමුළුව නොවැම්බර් 18 සහ 19 දිනවල චීනයේ ෂෙන්ජෙන් නගරයේදී පැවැත්වීමට නියමිතය.

උතුරු කොරියානු නායක කිම් ජොං උන් සමඟ සාකච්ඡා යළි ආරම්භ කිරීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැමැත්ත පළ කර තිබේ. එහෙත් මේ වසර තුළ එවැනි හමුවක් පැවැත්වීමට ඇති ඉඩ අඩුවෙමින් පවතින බව ඇමෙරිකානු සහ දකුණු කොරියානු නිලධාරීන්ගේ තක්සේරුව වී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය නොවැම්බර් 12 වැනිදා වාර්තා කළේය.

මේ අතර, කොරියානු දේශසීමාවේ ශබ්ද විකාශන යළි ආරම්භ කිරීමට උතුරු කොරියාව සූදානම් වන ලකුණු නිරීක්ෂණය කළ බව දකුණු කොරියානු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පවසා තිබේ.