ඊයේ (29) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍216 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් 5 දෙනෙකු, වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 41 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 170 දෙනෙකු අයත්.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 8,991 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.