අරලියගහ මන්දිරයේදී “AI for Transforming Public Service” නමින් විශේෂ වැඩමුළුවක් ඊයේ (16) ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්ව සංවිධානය කළා.
අමාත්‍යාංශ දහයක විධායක නිලධාරීන් සහභාගී වූ මෙම වැඩමුළුවේ අරමුණ රාජ්‍ය සේවය ඵලදායි හා කාර්යක්ෂම සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා AI භාවිතය පිළිබඳ දැනුවත් කිරීමයි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා රාජ්‍ය සේවය AI හරහා කාර්යක්ෂම කරමින් ජනතාවට හොඳ සේවාවක් ලබාදිය යුතු බව අවධාරණය කළ අතර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා ප්‍රධාන දේශනය පැවැත්විණි.
මෙම වැඩමුළුවට ICTA නියෝජිතයන් සහ අමාත්‍යාංශ මාලාවක විධායක නිලධාරීන් සහභාගි වූහ.
