ඊයේ (01) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍215 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.

මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙක්, වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 46 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 167 දෙනෙකු අයත්.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 9,400 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.