ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්(IMF) ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 780ක මුදලක් ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැවසුවේ, බංග්ලාදේශයෙන් ද අමෙරිකානු ඩොලර් මිලියන 150ක මුදලක් ලැබී ඇති බවය.

ඒ, බංග්ලාදේශ මහ බැංකුව හා ශ්‍රී ලංකා මහ බැංකුව අතර ස්වැප් හෙවත් මුදල් හුවමාරු පහසුකමක් ලෙසය.

එම මුදල් මෙරටට ලැබීම හමුවේ ශ්‍රී ලංකාවේ විදේශීය සංචිත ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි එස්.ආර්. ආටිගල මහතා සඳහන් කළේ ය.