ඉතාමත් ශ්‍රීඝ‍්‍රයෙන් ඉහළ යන ආහාර මිල ගණන් පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා රජය විසින් සලාක ක්‍රමයක් යෝජනා කර ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

ඒ අනුව, වෙළෙඳපොළ මිලට වඩා අඩු මිලට භාණ්ඩ ලබා දීම සඳහා ලංකා සතොස අලෙවිසැල් හරහා අලෙවි කෙරෙන සීනි සහ ඇතැම් අත්‍යවශ්‍ය දෑ සඳහා සලාක කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කිරීමට නියමිතය.

පෞද්ගලික අංශ සඳහා එය බල නොපානු ඇති බවයි දැනට පවතින වාර්තා අනුව පැවසෙන්නේ.

ලබන සතියේ පැවැත්වෙන ඔන්ලයින් කැබිනට් මණ්ඩල රැස්වීමේදී එම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

තවද, සීනි, පරිප්පු සහ අනෙකුත් අත්‍යවශ්‍ය දේ අඩු ආදායම්ලාභී කණ්ඩායම් සඳහා පමණක් පාලන මිලකට ලබා දීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන තවත් යෝජනාවකි.