යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරවලින් නොවැම්බර් 28 වැනිදා සිවිල් වැසියන් අවම වශයෙන් දසදෙනකු මියගිය බව එරට බලධාරීන් උපුටා දක්වමින් Associated Press වාර්තා කළේය.
උතුරු යුක්රේනයේ නිෂින් ප්‍රදේශයේ ආයතනයකට එල්ල වූ ප්‍රහාරයකින් හත්දෙනකු මියගොස් ඇතැයි හදිසි සේවා අංශ සඳහන් කර තිබේ.
මේ අතර, යුක්රේන ඩ්‍රෝන විශාල සංඛ්‍යාවක් බිම හෙළූ බව රුසියාව ප්‍රකාශ කළේය. කියෙව් නගරයේ වැදගත් යටිතල පහසුකමකටද ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, විදුලිය සහ ජල සැපයුමට බාධා ඇති විය හැකි බව නගරාධිපතිවරයා අනතුරු අඟවා තිබේ.


