‘තුති පිදීමේ දිනය’ (Thanksgiving Day) නිමිත්තෙන් එළැඹෙන නොවැම්බර් 26 සහ 27 යන දිනවල එක්සත් ජනපද තානාපති කාර්යාලය වසා තබන බව එම කාර්යාලය දැනුම් දී ඇත. මේ බව සඳහන් කරමින් තානාපති කාර්යාලය සිය X ගිණුමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයට අනුව, නොවැම්බර් 30 වැනි සඳුදා දින සිට තානාපති කාර්යාලයේ කටයුතු යළි සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට නියමිතය.