තායිවාන විකට ශිල්පී හුවාං යී-හාඕ හිතාමතා තුවාල කිරීමට උත්සාහ කළ බවට පුද්ගලයන් පස්දෙනකුට තායිපේ නඩු පවරන බලධාරීන් චෝදනා ගොනු කර තිබේ. සැප්තැම්බර් මාසයේ රිය අනතුරක් ලෙස මුලින් පෙනී ගිය මේ සිද්ධිය, තායිවානයේ සිට චීන රජය විවේචනය කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව ගැන අවධානය යොමු කර ඇතැයි Associated Press ප්රවෘත්ති සේවය වාර්තා කරයි.
චෝදනා ලැබූ පුද්ගලයන්ට චීනයේ සිටි පුද්ගලයකු මුදල් ගෙවා ඇතැයි නඩු පවරන බලධාරීහු පවසති. ෂී ජින්පින් විවේචනය කළ තම වේදිකා ඉදිරිපත් කිරීමකට මෙම සිද්ධිය සම්බන්ධ විය හැකි බව හුවාංගේ අදහසයි.





